- උදෑසන 7.30ට අනිවාර්යයෙන් ම ගේට්ටුව වැසීම
- දරුවන් විවේක කාලය අවසන් වන විට පන්ති කාමරයේ රැදී සිටිය යුතුය.
- උදෑසන දරුවන්ගේ පැමිණීම අධීක්ෂණය කිරීම ගුරුවරු විසින් සිදු කිරීම
- දැනට ලබා දී ඇති නිළ ඇඳුමේ ප්‍රමිතියට අනුව එය සකස් විය යුතුයි.එහිදී කොණ්ඩය,බාහිර පෙනුම පිළිබඳ සැලකිලිමත් විය යුතුය.ඔරලෝසු බැඳීම දරුවන්ට නොකළ කළ යුතුය.
- පාසල් කාලය තුළදී අධ්‍යනය කරනු ලබන දරුවන් පාසල තුළ නිදැල්ලේ හැසිරීමේන් වැළකිය යුතුය .
- පාසල් කාලය තුළ දරුවන් පාසලට නොදන්වා බැහැර වී යාම සිදු නොකළ යුතුය.
- මත් ද්‍රව්‍ය භාවිතය,ගෙන ඒම,ළඟ ලබා ගැනීම ආදිය සපුරා තහනම් වේ.
- ජංගම දුරකථන භාවිතය තහනම්
- පාසල් නිල ඇඳුමෙන් පාසලෙන් බැහැරව කරනු ලබන කටයුතු පිළිබඳ දැඩි නීතිරීති පැනවීම.
- පන්ති කාමරයෙන් බැහැරව යාමේදී දරුවන් පේළියට යා යුතුය.එසේ ම පැසපෙන් බැහැර වීමේදී පේළියට යා යුතුය
- ශිෂ්‍ය නායක මණ්ඩලය කැඳවා සියලු දේ ගැන ඔවුන් දැනුවත් කළ යුතුය.
- සවස් කාලයේ දී දරුවන් සිටින කටයුතු වලදී අනිවාර්යයෙන්ම ගුරුවරු රැදී සිටිය යුතුය.
- නිවාඩු දින වලදී දරුවන් පාසලට පැමිණෙන්නේ නම් ගුරුවරුන් සමඟ ඒ සඳහා පැමිණිය යුතුය.
- නාම ලේඛනයේ නම් ලකුණු කරන්නේ පන්ති කාමරයේ රැදී සිටින ළමුන සඳහා පමණි.
- පාසලෙන් කලින් බැහැර වීම සඳහා දරුවන් දෙමාපියන්ගෙන් අවසරලත් ලිපියක් රැගෙන ඒම අනිවාර්ය වේ.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි