දස දෙස ඉස යස කොඳ කැකුළු
පස්සර මැදි විදුහල
පළඳවමු හිස රන්කිරුළු
නමදිමු මව්මෙන් නමා සිළු//
මුහුදට වන් දිය සිදිසේ
එකකුස දරු කැළ ලෙස පැහැසේ //
විදු එළියෙන් එළියමු ලංකා
මව්පිය ගුරුසිත තොස රන්දා
දස දෙස ඉස යස............
තරඟව කෙළි නළු පිල් සඳමු
සිරිතින් සරඹින් ජය ගනිමු
හෙල දෙස රුස බස දිදුලවමු
නිසි රට වැසි මග පාදවමු
එනදුක හිරිහැර මල්පෙති සේ
සලකමු හසරුළි පා සතොසේ
ඇඳි ඇඳි යන දිය කඳ වාගේ
බාධක බිඳ යමු පෙරට //
පද රචනය -විශාරද නිමල් ගුණරත්න මයා
සංගීතය-විශාරද නිමල් ගුණරත්න මයා